හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට එල්ල කල ප්‍රහාරය පිළිකුල් සහගත බවත් ඒ ප්‍රහාරය මැරයින් යොදා සිදු කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පවසයි .කොළඹ,බ්ලූමැන්ඩල් පෙදෙසින් ,මරදානේ සුදුවැල්ලෙන් , කොළොන්නාවෙන් පාතාල සාමාජිකයන් ගෙන්වා විරෝධතාවයේ නියැළුණු පිරිසට ප්‍රහාර එල්ල කල බව තමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද ඔහු සදහන් කලා .