රජයේ ඉඩම් අල්ලාගෙන සිංහල ජනතාව එම භූමිවල වගාබිම් සිදු කර ගෙන යන බවට , මඩකලපුවේ දිසාපතිවරයා විසින් චෝදනා කර එලෙස වගා කටයුතු වල නිරතවී සිටී සිංහලයන් 7 දෙනෙකුට නඩු පැවරීමටද දිසාපතිවරයා කටයුතු කර තිබෙනවා .මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාවයේ නියැලුණු සිංහල වැසියන් පැවසුවේ , ඒ ඉඩම් වල සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ ජනතාවද තම වගා කටයුතු සිදු කරමින් පවතින බවයි. නමුත් සිංහල ජනතාවට පමණක් මෙලෙස කෙණෙහිලිකම් සිදු කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් සදහන් කරනවා .