මුස්ලිම් නායකයෝ ,ද්‍රවිඩ පක්ෂවල නායකයෝ , එතකොට ක්‍රිස්තියානි පල්ලිවල ඉන්න ආගමික නායකයෝ හැම කෙනෙක්ම බුදුදහමට මුල් තැන දෙන්න පොරොන්දු වෙලා තියෙනවා .
එතකොට අද මේ රටේ බුදුපිළිමයක් තියන එක තහනම් කරන්න කියලා කතා කරනවා නම් , ඒක වැරදී . අපි හැම ආගමකටම ගරු කරනවා . හැම ජාතියකටම ගරු කරනවා . බුදුපිළිම තියන්න එපා කියලා කවුරුහරි කියනවා නම් ඒකට මට එකග වෙන්න බෑ .යහපාලනය නැති වෙන්නේ නෑ බුදුපිළිම තිබුණා කියලා . එහෙම කියනවා නම් මම මේ ඇමතිකම දාලා ගෙදර යනවා .මේ ඇමතිකම ලොකු නෑ මට . හැබැයි කවුරුහරි බුදුපිළිමයක් හදනවා කිව්වොත් මම ඒකට සාධු සාධු කියලා අතගහලා සල්ලි දෙනවා .